Saturday, March 3, 2012

Web එකට Creative Cursor එකක් දාමුද ?

Web එකක Cursor  එක Default එන එකට වඩා වෙන එකක් දාන්න පුළුවන් නම් Web එක තවත් ලස්සන කර ගන්න පුළුවන්. Web එකක Cursor  එක වෙනස් කරන එක අමාරු දෙයක් නෙමෙයි.

සැ.යු :-
Internet Explorer සදහා .ani  හා .cur  යන extension සහිත file භාවිත කල යුතු අතර FireFox , Chrome සදහා .png භාවිතා කල යුතුයි.Web එක බැලීමට පැමිනෙන්නා කුමන Browser යක් භාවිතා කරන්නේද අප නොදන්නා බැවින් එම අවස්ථා දෙකටම සරිලන අන්දමට අප Web එක සෑදිය යුතුයි

1 පියවර - පලමුව .ani/.cur හා .png යන Format වලින් Cursor එකට අදාල file සදාගෙන හෝ අන්තර්ජාලයෙන් සොයා ගත යුතුයි. (උදාහරණ ලෙස cursor.ani හා cursor.png )

2 පියවර -  අප web අඩවියේ CSS හෙවත් Style sheet එක වෙත පිවිසිය යුතුයි.

3 පියවර -  දැන් Style sheet එකට මෙම කේතය දමන්න


body, a:hover {cursor: url(cursor.ani) , url(cursor.png)  , progress;

සැ.යු.-
url(cursor.ani) / url(cursor.png)වල වරහන් තුලට ඔබ දැමිය යුත්තේ cursor file එකට අදාල path එකයි


දැන් ඔබේ වෙබ් අඩවියෙහි අදාල Cursor  එක බලා ගත හැක.

No comments:

Post a Comment