Friday, March 30, 2012


නවතම රැම් තාක්ෂනය  

පරිගනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කොට වඩ කරන විට එම වඩවල විස්තර තාවකලිකව මතක තබා ගැනීමට උපකරී වන්නේ RAM (random access memory) මගිනි. එහෙත් රැම් මතකයේ රැදෙන්නට  විදුලි  බලය අවශ්‍ය වේ. පරිගනකය ක්‍රියා විරහිත කල සනින් විදුලි බලය නතිවීයාම නිසා රැම් මතකයෙ තිබුනු තොරතුරු නතිවී යයි.

 එහෙත් විදුලි බලය කපහැරිය විටත් තොරතුරු  මතකයෙ රැදෙන රැම් එකක් නිපදවා තිබේ. එය  රීරැම් Re RAM  (resistance RAM) නම් වේ. මෙම උපාංගය නිපදවා ඇත්තෙ ජපානයේ එල්පිඩා (Elpida)  සමාගමයි.
දන් තිබෙන ඩෙස්ක්ටොප් සහ ලප්ටොප් පරිගනකවල වඩිපුරම භාවිත වෙන්නේ DRAM(dinamic RAM) ය. මෙහි විශේෂත්වය වන්නේ තොරතුරු ලබගනීම සහ තොරතුරු ලබාදීම ඉතා වේගයෙන් කල හැකි වීමයි.එවනි එක් හුවමරුවකට ගත වන්නේ නැනෝ තත්පරයකි.Re RAM  වලදීද මෙම වේගයෙන්ම තොරතුරු සැකසිය හැක. එම නිසා DRAM වෙනුවට ReRAM යොදගත හැක.
විදුලිය කපාහල විටත් මතකයේ රැදෙන රැම් තාක්ෂනයන් නොයෙක් සමගම් විසින් නිපදවා තිබුනද එහි වේගය අඩුය. නතහොත් මිල වඩිය. 

එහෙත් Re RAM   තාක්ෂනය  එසේ නොවේ. එහි වේගය වැඩි මෙන්ම නිශ්පාදන වියදමද අඩුය.






RanshiZ ©
මෙය වැදගත් යැයි සිතෙනවා comment නම් එකක් දාන්න

Sunday, March 25, 2012

අද මන් කියල දෙන්න යනෙ ඉතා වෑදගත් දෙයක්,  කොහොමද  System properties window එක තුලට අපට අවශය තොරතුරු හා රූප ඈතුලත් කරන්නෙ කොහොම ද කියල !


මෙ සදහා ඔනෙම Text Editor  එකක්  use  කරන්න පුලුවන්. අපි මෙකට  Notepad  භාවිතා කරමු. මෙහි ඈති " You can display useful information here" වෙනුවට ඔබට අදාල කවුලුව තුල පෙන්විමට අවශය ඔනෙම දෙයක් ඈතුලත් කල හෑකිය.

[General]

Manufacturer="You can display useful information here"
Model= "You can display useful information here"

[support Information]

Line1= "You can display useful information here"
Line2= "You can display useful information here"
Line3= "You can display useful information here"
Line4= "You can display useful information here"
Line5= "You can display useful information here"
Line6= "You can display useful information here"
Line7= "You can display useful information here"
Line8= "You can display useful information here"
Line9= "You can display useful information here"
Line10= "You can display useful information here"

ඉන්පසු එම file එක  C:\WINDOWS\System 32      folder  එක තුල oeminfo.ini  යන නමින් save කරන්න.එවිට ඔබ ඈතුලත් කල තොරතුරු System properties window  එක තුල dispaly වෙ.

Image එකක් ඈතුලත් කරන විදියත් මන් කියල දෙන්නම්.

එය තුලට Image එකක් ඈතුලත් කිරිමට නම් එය .bmp  image  එකක් විය යුතුයි.Paint,Photoshop  වලින් .bmp images සාදාගත හෑක.
මෙසේ ලබාගන්න image  එක C:\WINDOWS\System 32      folder  එක  තුලම oemlogo.bmp යන නමින් save  කරයුතුය.එවිට Image එක System properties window  එක තුල පෙන්වයි.

බොහො computer assemble  කරන ආයතන මෙ ආකාරයට තමන් ගෙ වෙලද නාම  ඈතුලත් කරයි. ඔබට එය අනවශය නම් එම file එක delete  කොට තමන් ට අවශය දෙ ඈතුලත් කරගත් හෑක.

works only for windows XP

නියමයි නෙද post  එක? හොද නම් comment එකක් දාලම යන්න!

                                                                                                 edited by- Ruchira Ushan






Sunday, March 18, 2012

CD or DVD එකක්  Auto run වෙන විදිහට  burn කරන්නෙ කොහොම ද?

මේ සදහා එම CD එක burn  කිරීමෙදි කෙලින්ම එයතුලට (එහි ඈතුලු folders වලට නොවේ) පහත පරිදි විස්තර ඈතුලත් කල   .inf    එකක් ඈතුලත් කලයුතුය. මෙ සදහා ඔනෑම text editor එකක් බාවිතා කිරිමට පුලුවනි. Notepad , Notepad++ සමහර කි.

[autorun]
OPEN= filename.exe

මෙහි filename යනු ඉබේ run  වියයුතු  file  එකෙ name එකයි.

Important - එය .exe (executable) එකක් හෙවත් application file එකක් විය යුතුයි.

මෙසෙ Notepad  එක තුලට ඉහත විස්තර ඈතුලත් කර එය Save  කරනවිට එහි නම AUTORUN.inf   ලෙස ලබා දියයුතු ය. එසෙම එයද කෙලින්ම සීඩී එකට බර්න් කලයුතු ය.ඔබේ ඉබේ run විය යුතු ගොනුවක එක යම් folder ක් ඈතුලේ තිබේ නම් ඉහත filename ලබාදිමේදි නිවරදි පාත්(path) එක ලබාදිය යුතුය.

ex- OPEN= abc/filename.exe

                                                                                     posted by- Ruchira Ushan

Friday, March 16, 2012

ඔබගේ ජංගම උපාංග වලටත් සුපිරි අරක්ෂාවක් ලබා දෙන්න කමතිද??

සාමනයෙන් ඩෙක්ස්ටොප් පරිගනකයක්, ලැප්ටොප් පරිගනකයක්, ජන්ගම දුරකතනයක් හෝ ටැබ්ලට් pc වැනි ජංගම උපාංගයක් සොරගතහොත් එය නැවත සොයගනීමට අපහසු වේ. එහෙත් එම උපාංගය අන්තර්ජලයට සම්බන්ධ කලහොත් එය පහසුවෙන්  සොයගනීමට හැකිය. ඒ සදහා  prey නැමති වඩසටහන භාවිතා කල  හැකිය . මේ  prey නැමති වඩසටහන වෙබ් සේවාවක්  වශයෙන්ද හැන්දින්වීමට පුලුවන්. එ හරහා ඔබෙ නැතිවුනු පරිගනකය හෝ ජංගම උපානංගය ඇති තැන පමනක් නොව එය දැනට භාවිත කරන්නන්ගේ ජායාරූපයක් වුවද ලබ ගන්නට පුලුවන්.මෙම  වඩසටහන නොමිලේ භාවිත කල හැකිය.
ඔබගේ ජංගම උපාංගවලටත් සුපිරි අරක්ෂාවක් අවශය නම් ඔබට prey  වඩසටහන භාවිත කල හකිය. ඔබගෙ පරිගනකයට ගැලපෙන prey  වඩසටහන පහත ලින්ක් 1 තුලින් download  කර ගත හැක.

http://preyproject.com/download

prey 0.5.3 for windows
prey 0.5.3 for ubuntu
prey 0.5.3 for android
prey 0.5.3 for Mac Os
prey 0.5.3 for Linux
prey 0.5.3 for ios
යනදී වශයෙන් prey  වඩසටහන ඔබගේ පරිගනකයට ගලපෙන පරිදි භාවිත කල හැක.




            
RanshiZ © 
මෙය වැදගත් යැයි සිතෙනවා නම් comment එකක් දාන්න

Thursday, March 15, 2012

Wirless ජාලයක් තනා ගත හෙකි SD card එකක්



      Wirless ජාලයක් තනා ගත හෙකි SD card එකක්

චායරූප සහ වෙනත් තොරතුරු වයර්ලෙස් ක්‍රමයට විසුරුව හෙරිය හෙකි memory card එකක් ජපානයෙ Toshiba සමාගම විසින් නිපතවා තිබෙ.මෙහි නම (flash Air).පෙනුම අතින් සාමාන්ය SD card එකක් වෙනිය.මෙයට රෙහෙන් රහිත පරිගනක ජාලයට සම්බන්ත වෙන්නට පුලුවන්.තවද එයටම ආවෙනික ක්‍රමයට තම වටපිටාවට වයර්ලස් ජාලයක් ඈති කරගන්නට පුලුවන්.මෙම අලුත් SD card එක සදහා අලුතින් හදුන්වා තුන් ප්‍රමිතිය-802.llb/g/n.
මෙහි දාරිතාව 32GB පමන වේ.නමුත් දෙනට 8GB දාරිතාවෙ එකක තමා වෙලද පොලෙ එත්තෙ.
උදාහරන වශයෙන් මෙම card එක් යොදා තිබෙන කෙමරාවකින් ලබා ගන්නා චායාරූප වටපිටාවෙ ඈති පරිගනක ,ජන්ගම දුරකතන හො වෙනත් එවෙනි ඕනෙම පරිග්නක උපාන්ගයකට ලබාදිය හෙක.
එනම් card එකෙන් චායාරූප සම්ප්‍රේශනය කෙරේ.
flash Air SD card එකට wireless ජාලයක් තනා ගත හෙක්කාක් මෙන් එය සතුව ඈති කුඩා ප්‍රමානයේ Browser යක් ක්‍රියාත්මක කරවීමෙනි  අපට චායාරූප වෙත පිවිසිය හෙක්කේ http://flashair/ යන Browser ලිපිනය හරහාය.


  ASHFAQ AHAMED 

 අපිටම කියලා Blog එකක් හදමු -1 කොටස
 Blog එක ලියන්නේ මොනාගැනද ?


මම දැන් කියන්න යන්නේ Blog හරියට හදලා ඒක නිසි පරිදි පවත්වාගෙන යන්නේ කොහොමද කියලා... මේක ගැන මට එක ලිපියකින් විස්තර කරන්න අමාරුයි.. ඒ නිසා මේ ගැන කියන්න ලිපි පෙළක් පල කිරීමට මම බලාපොරොත්තු වෙනවා.


ප්‍රධාන වශයෙන් නොමිලේ Blog අඩවි පවත්වගෙන යාමට අවස්ථාව සලසා දෙන වෙබ් අඩවි දෙකක් තියෙනවා. ඒවා නම් Blogger හා Wordpress තවත් ඒවැනි අඩවි තිබුනත් මෙතරම් සාර්ථක නොවේ. එ මෙන්ම සරල ලෙස පවත්වා ගෙන යාමද අපහසුයි. මෙම වෙබ් අඩවි දෙකෙනුත් මම විස්තර කිරීමට යන්නේ Blogger ගැන පමණි.


          


Blog හදන එක අමාරු වැඩක් නෙමෙයි ඒත් Blog එකක් හදන්න කලින් අපි හිතා බැලිය යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඒවා නොසලකා ලියන්නම් වාරේ Blog එකක් ලියන්න ගියාම කාලයක් යද්දි අපිටම එපා වෙනවා.


Blog ලිවීමට පෙර නිශ්චිත අරමුණක් තියෙන්න ඕනේ

ලොව බොහෝ පිරිස් බ්ලොග් ලිවීමේ නිරත වෙනවා එයාලා එක එක අරමුණු වලටයි බ්ලොග් ලිවීමේ නිරත වන්නේ. අපි බ්ලොග් එක්ක ලියන්න කලින් අපි මොනවා ගැනද ලියන්න යන්නේ කියලා අවබොදයක් අපි ලග තිබිය යුතුයි.

1. පෞද්ගලික තොරතුරු සටහන් කර තැබීමට

* දිනපොතක් ලෙස
ලංකාවේ නම් මෙහෙම බ්ලොග් ලියන කට්ටිය අඩුයි. සමහර අය තමන්ගේ දිනපොත හැටියට බ්ලොග් ලියන අය ඉන්නවා. තමාට දිනපතා සිදුවන විශේෂ සිදුවීම් එදිනෙදා සිදු වූ දේවල් තමන්ට හිතෙන දේවල් එක්ක දිනපොතක් හැටියට බ්ලොග් ලියන අය ඉන්නවා. මේ වගේ බ්ලොග් තමන් පෞද්ගලිකව රහසේ තියා සිටිනවා මිසක් ප්‍රසිද්ද කිරීමක් කරන්නේ නැහැ.

* ජීවිතයේ විශේෂ සුනදර මතකයන් ඇතුලත් කර බ්ලොග් ලීවීම
තමාගේ ජීවිතයේ සිදුවුන වැදගත් අවස්ථා, ඒ වගේම සුන්දර මතකයන් ඇතුලත් කර බ්ලොග් ලියන කට්ටියක් ඉන්නවා. උදාහරණයක් ලෙස තමන් සහභාගී වූ චාරිකාවක පින්තූර හා විඩියෝ විනොදමත් සිදුවීම් සටහන් කර බ්ලොග් ලිවීම

මෙවැනි බ්ලොග් වලින් බලාපොරොත්තු වන්නේ තමන්ගේ සිත නිදහස් කර ගැනීම හා තමන්ගේ අත්දැකීම් පිලිබද අන්අයගේ අදහස් විමසා දැන ගැනීමටයි.

2. මුල්‍යමය අවශ්‍යතා පදනම් කරගෙන බ්ලොග් ලීවීම.

* බ්ලොග් අඩවියේ දැන්වීම පල කරමින් බ්ලොග් ලිවීම
මේ විදිහට බ්ලොග් ලියන කට්ටිය ලංකාවේ ගොඩක් ඉන්නවා. එයාලා බලන් ඉන්නේ කොයි වෙලාවෙද කවුරුද එයාලාගේ වෙලෙද දැන්වීමක් Click කරන්නේ කියලා. මොකද එයාලා ගොඩ දෙනෙකුට මුදල් ලැබෙන්නේ Click ප්‍රමාණයටයි. අවුරුද්දක් පල කර තිබෙනවාට මුදල් ලබා දෙන අවස්ථාද තිබෙනවා.

* තමන් කරන ව්‍යපාරයක විස්තර දැමීම
තමන් ඇතැම් උපාංග විකුණන ව්‍යපාර කරන අය තමන්ගේ උපාංග පිලිබද විස්තරයක් හා වර්ණනා කරමින් බ්ලෙග් ලියා එම උපාංග විකිණිමට තැත් කිරීම. ‍උදාහරණ ලෙස ඡායරූපකරණයේ යෙදෙන්නන් හා සිතුවම් ඇදීමේ යෙදෙන්නන් හා නොයෙක් ස්වයං නිෂ්පාධන කරන්නන් විසින් තමන්ගේ නිර්මාන බ්ලොග් අඩවියේ ඇතුල් කර ඒවා අලෙවි කිරීමට උත්සහා කිරීම

* ආධාර ලබාගැනීම උදෙසා
තමන් සමාජ සත්කාරයක් කරමින් හො කරන බව පවසමින් ඒ පිලිබදව විස්තර පල කර බ්ලොග් ලියා එයට උදව් වෙන ලෙස සලකා Donate Button එකක් ඇතුලත් කර විදේශිකයන්ගෙන් මුදල් ආධාර බලාපොරොත්තු වීම.

මෙවැනි බ්ලොග් අඩවි ප්‍රසිද්ධ කිරීම සදහා නොයෙක් ක්‍රම ඔවුන් භාවිතා කරයි. එම පැමිනෙන පිරිස මත තමන්ට ලබා ගත හැකි ආදායම වැඩි කර ගත හැකි බැවින්.

3. රසාස්වාදය හා මානසික තෘප්තිය සදහා

* තම නිර්මාන ඇතුලත් කර බ්ලොග් ලිවීම
කාව්‍ය, සදැද් නිසදැස්, කෙටි කතා, නව කතා, චිත්‍ර කතා, විහිලු, සින්දු , චිත්‍ර, ඡායාරෑප හා තවත් බොහො දේවල් අතරින් එකක් තොරා ගෙන එවා පල කරමින් බ්ලොග් ලියන්නන් බොහොමයක් සිටී

* නව තාක්ෂණය හා පරිගණක හො අන්තර්ජාල උපායන් (Tricks) ඇතුලත් කර
නව තාකෂණික පුවත් හා පරිගණක හා අනතර්ජාලය හැසිරවීම පිලිබදව අප නොදන්න ප්‍රයෝජනවත් ලිපි හා උපකාර ඇතුලත් කරමින් බ්ලොග් ලියන පිරිසක් පවතී. මේවැනි බ්ලොග් අඩවි කියවීමට බොහෝ දෙනා පුරුදුව සිටින්නේ නොදන්නා යමක් දැන ගත හැකි බැවිනි.

* ප්‍රවෘති හා ඕපාදූප (Gossip)
මෙවැනි බ්ලොග් අඩවි ගොඩක් ජනප්‍රියතාවයක් උසුලන්නේ මෙවන් බ්ලොග් අඩවි වල පලවන්න එදිනෙදා ජීවිතයේ වැදගත් සිදුවීම (ප්‍රවෘති) හා ප්‍රසිද්ද පුද්ගලයන් ආයතන පිලිබද ඕපාදුප බැවිනි. ලංකාවේ බොහෝ දෙනෙක් මෙවැනි අඩවි වැඩි වශයෙන් කියවීමට පුරුදු වී සිටී.

* ව්‍යපෘති හා ක්ෂේත්‍රයන් පිලිබද දැනුම
තමන් කරන ව්‍යාපෘතියක තමන් අනාවරණය කර ගන්නා දේවල් ඇතුලත් කර බ්ලොග් ලිවීම හා තමන් කැමති ක්ෂේත්‍රයක් ගැන ලිපි පල කරමින් බ්ලොග් ලිවීමයි උදාහරණ ලෙස පරිගනක ක්‍රීඩා ගැන බ්ලොග් ලිවීමත් තාරකා විද්‍යාව වැනි ක්ෂේත්‍රයක් ගැන බ්ලොග් ලිවීමත්.

* මෘදුකාංග ‍හෝ ගොනු (Files) නොමිලේ බාගැනීමට ලබාදෙන
මෘදුකාංග, සින්දු, Music Clips , Videos , Wallpapers, Movies වැනි දෑ නොමිලේ බා ගැනීමට අවස්ථාව සලසා දෙම්න් ඒ පිලිබද් ඇතුලත් කර ලියන බ්ලොග් අඩවි.

මෙවැනි බ්ලොග් ලියන්නන් අදාල ලිපි වල ලැබෙන ප්‍රතිචාර මත තෘප්තිමත් වේ. එ මෙන්ම තමාගේ බ්ලොග් අඩවිය බැලීමට පැමිණි පිරිස ගැන සලකා තෘප්තිමත් වේ. ඔවන් එවන් බ්ලොග් අඩවි ප්‍රසිද්ධ කරනුයේ අමුත්තන් පිරිස වැඩි කර ගැනීමේ අරමුනෙනි.

මෙම බෙදීම සම්මතයක් නොවන අතර තමන්ට තමා ලියන බ්ලොග් අඩවිය කුමන ආකාරයේ එකක්ද යන්න අරමුනක් ගැනීම උදෙසා සදහන් කල බෙදීමකි. සමහරුන් නිසි අරමුණක් නැතිව ගොඩක් දේ බ්ලොග් අඩවියේ ඇතුල් කිරීමට ගොස් බ්ලොග් අඩවි නිසි කලක් පවත්වා ගෙන යාමට නොහැකිව අතරමැද නවතා දමයි.

එම නිසා තමා කුමන ආකාරයේ බ්ලොග් අඩවියක්ද හදන්නේ යැයි නිසි අරමුණක් තබා ගන්න. ඔබට අරමුණු කිහිපයක් ඇතිනම් ඒවාට අදාලව වෙන වෙනම බ්ලොග් අඩවී සෑදීමට අවස්ථාව ඇත. එසේ නොමැතිව සියල්ල එකම බ්ලොග් අඩවියේ ඇතුල් කර අච්චාරු සෑදිම නිෂ්ඵල ක්‍රියාවකි.

බ්ලොග් එකක ලිපි පල කිරීමෙදි තනිවම හෝ කණ්ඩායම් වශයෙන් ලිපි පළ කිරිමේ හැකියාවද පවතී. එම නිසා තමාගේ බ්ලොග් අඩවිය Personal blog එකක්ද Group blog එකක්ද යන්න තීරණය කරන්න. එමෙන්න තමාගේ අරමුණට අදාල වන ලෙස Blog Name එකක්ද තීරණය කරගන්න.

මේ ලිපියත් ලියූ ප්‍රමාණය ගොඩක් වැඩී ඒ නිසා දැන් මම මේ ලිපිය නවත්වනවා දෙවෙනි ලිපියෙන් බ්ලොග් අඩවිය සාදා ගන්නා ආකාරය පිලිබදව විස්තර කරන්නම්.

ඔබට මේ කරුණු වැදගත් උනා කියලා සිතෙනවා නම් Comment එකක් දමා යන්න.
 
 
  POSTED BY SAMITH DILSHAN  

Wednesday, March 14, 2012

නියර් ෆීල්ඩ් කමියු‍නිකේෂන් (NFC – Near Field Communication)



කෙටි විස්තරයක් බලමු මෙකක්ද මේ NFC කියන්නේ කියලා.නියර්ෆීල්ඩ් කමියු‍නිකේෂන් කියන්නේ සමීපයේ ඇති ඉලෙක්ට්‍රොනික උපාංග දෙකක් අතර දත්ත සන්නිවේදනය කෙරෙන තාක්ෂණයකි.මෙහිදී උපාංග දෙක අතර දුර සෙන්ටිමීටර් කීපයකට සීමාවේ. ජංගම දුරකතන මගින් මුදල් ගෙවිය හැකි සේවා (Mobile Payment) පවත්වා ගෙන යන රටවලදී එම සේවය මෙම තාක්ෂණයට ද සිදු කරයි.




මෙහිදි භාන්ඩ මිලදී ගැනීමේදී ගෙවීම් කිරීමට ජංගම දුරකතන භාවිතා කළ හැකිය. එවිට එම ගෙවු මුදල දුරකතන ගාස්තුවට එකතු වෙයි. එසේ ගෙවීම් කරන විට මුදල් අයකරගන්නා ස්ථානයේ NFC උපාංගය මගින් දුරකතනය හදුනා ගන්නා අතර දුරකතනයේ නියම හිමිකරුට පාස්වර්ඩ් ඇතුළු කොට ගෙවීම කළ හැක.මීට අමතරව වෙළෙද භාණ්ඩ හදුනාගැනීමට භාවිතා කරන රේඩියෝ ටැග්ස් ක්‍රියාත්මක වෙන්නේද මෙම තාක්ෂණයට අනුවය.

Concept Car enabled with NFC technology





NFC Technology Example




Moblile Payment NFC Demo




තවත් මේ ගැන ලින්ක් කිහිපයක්.

NFC on the Nokia N9


NFC Future Shop


NFC Marketing explained




NFC areas for Examples
  • Mobile phones
  • Turnstiles
  • Parking meters
  • Check-out cash registers or "point-of-sale" equipment
  • ATMs
  • Office, house and garage doors
  • Personal computers
  • Posters, street signs, bus stops, local points of interest (with NFC-readable tags only)
  • Product packaging
NFC කියන එක ගැන පොඩිහැදින්වීමක් විතරයි කලේ මොකක්ද කියලා.ඔයගොල්ලෝ යම් අදහසක් ගන්න ඇති කියලා හිතනවා..........හොදයි කියලා හිතෙනවනම් කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා ‍හොදේ.


POSTED by SHAN

Tuesday, March 13, 2012

Holographic තක්ෂනය ගැන ඔබත් උනන්දුයිද??

අනාගතයේදී Holographic තාක්ෂනය තුලින් ඉතමත් පහසු ආකරයට 3D සජීවී කරනය අපට භාවිත කල හැක. නමුත් මෙය තවමත් පරීක්ෂණ තත්වයේ පවතී. Holographic තාක්ෂනය 3D සජීවී කරනයේ ඉහලම අවස්තාවකි. මේ තුලින් මිනිසුන් මෙන්ම අනෙකුත් උපකරණද 3D ලෙස පෙන්විය හැකය.

        උදා: මෙම Holographic තාක්ෂනය තුලින් ඔබට  නිවසෙ සිටම ඔබගෙ අයතනයක රැස්වීමක් හෝ වෙනත් එවැනි  කටයුත්තක් සජීවි ලෙස මෙහෙයවිය හැකිය.මෙ තුලින් ඔබ නිවසේ සිටියත් ඔබගෙ සජීවි දර්ශනය 3D අකරයට එම අවස්තාවට නිරුපනය වේ.

මෙම application එක ලොව පුරා මිනිසුන්ගේ එදිනෙදා පරිගනක තක්ෂනික කටයුතු පහසු කරයි. මෙම තාක්ෂනය තුලින් computer games වලද විශාල වෙනසක් සිදුවේ. එනම් නවතම computer games  Holographic තාක්ෂනය තුලින් නිර්මනය වේ. මෙ තුලින් computer games  තුලටද 3D සජීවිකරනය අතුලත් වේ.









RanshiZ ©

මෙය වැදගත් යැයි සිතෙනවා නම් comment එකක් දාන්න

Sunday, March 11, 2012

  හදිසියට Mail එකක් ....!

තත්පර 5 ක් යන්නකලින් තාවකාලික Mail එකක්
Email Sending Letters 2 Clip Art
මම දැන් කියන්න යන්නේ හදිසියකදි තාවකාලිකව Mail එකක් අවශ්‍ය වෙලාවකට හරියන හොද විසදුමක් ගැනයි....

සමහර අය දන්න තැනටයි නොදන්න තැනටයි හැමතැනටම තමාගේ ප්‍රධාන Mail Address එක දෙනවා... ඒක කොහෙත්ම අනුමත කරන්න බැහැ... නොදන්න තැන් වලට අපේ Mail Address එක දුන් විට Spams වලින් Mailbox පිරෙනවා....ඊට පස්සේ ඕන Mail එක මොකක්ද නැති එක මොකක්ද කියලා හොයන්න ගොඩක් වෙලාව නාස්ති වෙනවා නේ.....

ඕක දන්න කට්ටිය  ඒ වගේ තාවකාලික Mail එකක් ඕනේ උනාම කරන්නේ අලුත් එකක් හදන එක නැත්තම් සමහර අය නම් එක Mail එකක් තියන් ඉන්නවා හැම නොදන්න තැනකම Register වෙනන.


දැන් මම කියන්නේ තාවකාලික Mail එකක් තත්පර පහක්වත් යන්න කලින් හදාගන්න විදිහ ගැනයි. මේවාට කියන්න Temporary Disposable Mail Services කියලයි. අන්තර්ජාලයේ මේ වගේ අඩවි ඕන තරම් තියෙනවා ... ඔයාලට කැමති එකක් භාවිත කරන්න පුළුවන්.



මම භාවිතා කරන්නේ නම් 10MinuteMail මේක ගැන මම පොඩි විස්තරයක් කියන්නම්.

මේකෙන් විනාඩි 10 ක් සදහා තාවකාලිකව Mail Address එකක් සාදා දෙනවා... ඒ කාලය මදි වගේ නම් එක තව විනාඩි 10 බැගින් දිග් කර ගැනීමටත් අවස්ථාව සලසා දී තිබෙනවා.

ඇයි අපට Temporary Mail Address එකක අවශ්‍ය ?
  • Websites වල Fake Accounts සාදා ගැනීමට අවශ්‍ය වූ විට.
  • නොදන්නා Websites වල Downloads වලදී Valid   email එකක් ඉල්ලන විට.
  •  වැඩිය භාවිතා නොවන Websites වල Downloads වලදී Register විය යුතු විට.
  • හදිසි Mail එකක් ලබා ගත යුතු අවස්ථාවක අපේ Mail Address එක ලබා දිය නොහැකි අවස්ථාවක.
මෙයිට වඩා වෙනස් හේතුන් තියෙන්නත් පුළුවන්. මම භාවිතා කරලා තියෙන්නේ මේක විතරයි ඒ මේක සරලයි වගේ නිසා. තව ගොඩක් මේ වගේ සයිට් තියෙනවා ඒවා මීට වඩා හොද වෙන්නත් පුළුවන්.

මෙන්න තවත් එවැනි අඩවි කිහිපයික්. ගොඩක් Website වල තමාට කැමති Mail Name එකක් Add කල  හැකියි.
හොදයි කියලා හිතෙනවා නම් Comment එකක් දාලා Page එකටත්  Like එකක් දාලා යන්න.

POSTED BY SAMITH DILSHAN
මොකක්‌ ද මේ ඇත්තටම FAT 32 හා  NTFS  ආකාරයට  Format  කරනව කියන්නෙ?

අද බොහෝ දෙනා FAT 32  හා NTFS    යන වචන දෙක  නිතරම පාවිචි කලත් ඒ ගැන නිසි අවබෝදයක්‌ නැත.

FAT 32(File Allocation Table) යනු MS-DOS  පටන් Windows Me  මෙහෙයුම් පද්දතිය දක්‌වා බාවිත කල Microsoft    සමාගම විසින් දියුනු කරන ලද file system   එකකි.

මීට පසුව Microsoft   සමාගම  NTFS (New Technology File System)  යන file system     එක  ඉදිරිපත් කල අතර Win NT  පටන් Win 2000,Win XP, Win Vista   හා  Win 7   යන මෙහෙයුම් පද්දති සඳහා     එය බාවිතා කරනු ලබයි.

FAT 32 file system එක ඇති Win 98  මෙන් නොව NTFS file system  එක ඇති Win NT වලදී , හාඩ් ඩිස්‌ක්‌ එක තුල ඇති දත්ත සම්බන්දයෙන් විශේස ක්‍රමයක්‌ අනුගමනය කෙරෙයි.ඉන් එකක්‌ නම් user accounts    අනුව  හාඩ් ඩිස්‌ක්‌      එකෙ ඇති දත්ත ආරක්‍ෂා කිරිම යි.  මෙහිදි ඕනැම  folder  එකක්‌‌, file එකක්  හො වැඩසටහනක්‌ එම මොහොතේ log  වී සිටින  user ට අනුව කෙසේ ක්‍රියා කල යුත්තෙද යන්න එම Folder ය සමඟ NTFS File System එක තුල අඩංගු කර තැබීම යි.


මිට අමතරව විදුලි ඇණහිටිමක්‌ හො වෙනත් දෝශයක්‌ නිසා   හාඩ් ඩිස්‌ක්‌   එකෙ   දත්ත  ආරක්‍ෂා කර ගැනිම  සඳහා වැදගත් වන තොරතුරු ද   NTFS File System   එක තුල අඩංගු කර තිබේ. මෙවැනි විස්‌තරාත්මක දත්ත FAT 32  ආකාරයෙ file system  එකක නැති අතර එවායේ අඩංගු වන්නෙ file හා folder names සමඟ ඒවායේ Attributes පමණි. 

මෙ නිසා FAT 32  ආකාරයෙ හාඩ් ඩිස්‌ක්‌  එකක්‌ NTFS කිරීමෙදී අමතර ආරක්‍ෂිත කරුණු කාරණා එක්‌කොට එම ක්‍රියාවලිය ඉටුකල හැකි උවත් NTFS ආකාරයේ හාඩ් ඩිස්‌ක්‌  එකක්‌ FAT 32 ආකාරයට හැරවිමෙදි ආරක්‍ෂිත තොරතුරු අහොසි කලයුතුය.

එහෙත් Windows මෙහෙයුම් පද්දතිය මගින් එම ක්‍රියාවට පහසුකම් සලකා නැත.  මෙනිසා එම කටයුතු කරදෙන Partion Magic  වැනි Software යොදා ගත් යුතු වේ.


අපේ අය දන්නෙනැති තවත් දෙයක්‌ නම් මොකක්‌ ද මේ Quick Format හා Full Format අතර තියන වෙනස!

Quick Format- නමෙන් නම් කියන්නෙ ඉක්‌මනින් format වෙන බවක්‌. නමුත් මෙහිදි සිදුවන්නෙ storage device  එකෙ තියන දත්ත පමනක්‌ erase  වීමකි. එම device එක   තුල පවතින  File system   එක NTFS හෝ  FAT 32 කිසිම ආකාරයකින් erase  වීමක්‌ සිදු  නොවේ.

Full Format- මෙහිදී සිදුවන්නෙ  store වෙලා තියන දත්ත සමඟම  file system  එකද erase වි අලුතින්ම  file system එකක්‌  ස්‌තාපනය වීමයි.


                                                                                    posted by- Ruchira Ushan

Friday, March 9, 2012

දිරවන්නේම නැති Internet Explorer ....!

කොහොමද  Internet Explorer 9
Firefox, Chrome , Opera  වගේ වෙනත් Browsers වලට හුරු උන අයට Internet Explorer දිරවන්නෙම නැති බව කියන්නත් දෙයක් නෙමෙයිනේ...  ඉතින් ඒ වගේ අය IE ගැන හොයන්නවත් කාලය නාස්ති කරන්නේ නැහැ....

හැබැයි මේ වන විට ඇවිත් ඇති Internet Explorer 9 හා Internet Explorer 10 (For Windows 8) නම් එයාලට ගැලපෙන්න පුළුවන්... Internet Explorer 9 Release කලේ නම් 2011 මාර්තු.. ඒත් තාම කවුරුත් වැඩිය Install කරන් නැහැ. ඒකට හේතුව ගොඩක් අය Internet Explorer වලට අකමැති වීමයි. එහෙත් පරණ Internet Explorer වලට වඩා වෙනස් අත්දැකීමක් Internet Explorer 9 තුලින් දැකගත හැකියි.

Download කරන් Install කරන් බලන්න... මෙන්න Link එක


දැන් බලමු මොනාද Internet Explorer 9  එකේ තියෙන හොද කියලා......

Navigation Bar & Browser Control
ඉස්සර වගේ වැඩිය Toolbars නැහැ Titlebar එකට යටින් තියෙන්නේ Navigation Bar එක විතරයි....  දකුණු උඩ කොනේ Browser Control තියෙනවා. කලින්ට වඩා ගොඩක් ලේසියි. (Firefox මෙන්)

Picture of Favorites Center 

Pin Webpage To The Taskbar
තමන් වැඩියෙන්ම අවශ්‍ය වන වෙබ් අඩවි  Taskbar එකෙහි Pin කිරිමට අවස්ථාව IE9 එකෙන් උදා කර දී තිබෙනවා... Facebook ,  Gmail , Hotmail වගේ තමාට නිතරම වැදගත් වන වෙබ් අඩවියක් පින් කර තැබීමෙන්.The Taskbar එකෙහි Pin එක මත එක Click එකකින් වෙබ් අඩවියට පිවිසිය හැකිය.

Picture of a pinned site

Search In Addressbar
තමන්ට Search කරන්න අවශ්‍ය දේ Addressbar එකෙහි සටහන් කර සෙවීමේ හැකියාව පවති. මෙම විශේෂාංගය Google Chrome වල ඇති ආකාරයට පවති. ඒ පමණක් නොව Suggestion List එකෙහි අදාල සෙවීමට අදාල Pictures ද පෙන්නුම් කරයි.

Picture of a search in the Address bar


Download Manager
මෙච්චර කල් Download Manager එකක් Internet Explorer තුලට ඇතුල් කර තිබුනේ නැත. මේ වන විට එයද ඇතුලත් කර තිබේ. එය බොහො දුරට නව Firefox Download Manager එකට සමාන කම් දක්වයි.

Picture of Download Manager

Recent Visited & Most Populer Sites
Google chrome Home page එකේ ඇති ආකාරයට තමා වැඩියෙන්ම භාවිතා කරන වෙබ් අඩවි New Tab එකක් විවෘත කල විට පෙන්නුම් කරයි. එම නිසා වැඩි කරදරයකින් තොරම එම වෙබ් අඩවි වලට ක්ෂණිකව පිවිසීමේ හැකියාව පවතී.

Picture of the New Tab page

Security & Alerts
මේවන විට තමන්ගේ තොරතුරු වලට හොද ආරක්ෂාවක් සැපයීමට IE9 සමත් වී තිබෙනවා. ඒවගේමයි පරන IE වල Permission Alerts හසුරුවන එක හරිම කරදරයක්. ඒහෙත් දැන් එයද සාර්ථකව සකසා තිබෙනවා. Permission ලබාදෙන්නද නොදෙන්නද ලෙස Browser හි යටින් Alert Message එකක් Display වනු ඇත.

Picture of the Notification bar



මේ ගැන වැඩියෙන්ම කිව්වේ තාමත් පරණ Internet Explorer වලින් Web Browse කරන අයටයි. Firefox Google Chrome භාවිතා කරන අයත් පරණ Internet Explorer එක Update කරලා බලන්න Secondary Browser එකක් විදිහට ගැලපෙනවා .

හොදයි නම් Comment එකකුත් දාලා. Page එකට Like එකකුත් දාලා යන්න.

POSTED BY SAMITH DILSHAN

Tuesday, March 6, 2012

Internet එපා කරන   error messages ,
 අන්තර්ජාලය තුලින්   website  නැරබීමෙදී   අපට නොයෙක්‌ ආකාරයේ error messages      ලැබේයි.බොහො දෙනාට   error message   ගැන නිසි අවබොදයක්‌ නොමැත.මෙමගින් මන් බලාපොරොත්තු වෙන්නෙ යම්කිසි  අවබොදයක්‌     ලබා  දීමටයි.

4 න් පටන් ගන්න error messages  ලැබෙන්නෙ වැරදි ලෙස Web Browser එක   බාවිත කිරීමෙදී ය.
5 න් පටන් ගන්න error messages  ලැබෙන්නෙ service providers ලා ගේ  servers  වල අවුලක්‌ හො internet connectivity  එකෙ    අවුලක්‌  නිසා ය.


400 Bad request
මෙමගින් කියවෙන්නෙ  user   ඇතුලත් කරපු  web address එකේ යම් වරදක්‌ ඇති බව හො එම web address එක තවම Internet  එකෙ ස්‌තාපනය කොට නැති බවයි.

401 Unauthorized
මෙමගින් කියවෙන්නෙ එම   web   අඩවියට  ඇතුලත් වීම සඳහා අවසර නොමෙති බවයි. එම   web  එක   තුල  register   වීමෙන් පසු user name,password    යොදා ගෙන ඇතුලත්     විය හැක.

403 Forbidden
මෙමගින් කියවෙන්නෙ එම   web   අඩවියට  ඇතුලත් වීම සඳහා අවසර නොමෙති බවයි.

404 Page not found
මෙමගින් කියවෙන්නෙ එම web site එකට සම්බන්ද  කිරීමෙදි යම් කිසි   technical problem        එකක්‌ පැන නගින බවයි.එම අවස්‌තාවෙදී  web   එක නැවත refresh     කිරීමෙන්  මෙම දෝසය බොහො විට මග හරවා ගත හැක.

408 Request time out
මෙමගින් කියවෙන්නෙ user   අතින් සිදුවන යම් ප්‍රමාද දොසය කි. සමහර    web site වලට ඇතුලත් වීමෙදි යම් කාල පරාසයක්‌ තුල ඇතුලත් විය යුතු වෙ .මෙවිට කලයුතේ නැවත් වරක්‌ refresh    කර ක්‍ෂනිකව  click    කර ඇතුලත් වීමයි.


500 Server error
මෙමගින් කියවෙන්නෙ Internet servers වල යම් දෝශ ඇති  බවයි.මෙය සඳහා කල හැක්‌කෙ ටික වෙලාවක්‌ Internet  එකෙන් ඉවත් වී නැවත පැමිනීමයි.

502 Server overload
මෙමගින් කියවෙන්නෙ Internet servers වල කාර්යබහුලතාවය  වැඩ් බව යි. users ලා ගොඩ දෙනෙක්‌ එම  server   එක use කිරිම නිසා මෙය හටගනී.පසුව සම්බන්ද වීමෙන් මෙම  error  එක මග හරවා ගත හැක.

503 Service unavailable
මෙමගින් කියවෙන්නෙ ISP (Internet Service Provider) ගෙ   connection   එකේ ක්‍රියාවිරහිතවිමක්‌ ඇති බවයි.

මෙම  errors      ලැබුන විට කලයුතේ එය හොදින් කියවා බලා  මෙය කුමන අකාරයේ error   එකක්‌ ද කියා හදුනා ගෙන එයට පිලියම් කිරිමයි.

මෙය ඔබට වැදගත් උනා කියල හැඟනම් comment  එකක්‌ දාල යන්න අමතක කරන්න එපා.




                                                                              edited by:- Ruchira Ushan Sanjeewa

Commnd Prompt එකෙන් Jar file එක හදමු !!!


















  • ජාවා Programe එකක .Exe එක හැදීමට පෙර අපි .Jar File එක හදනවා. .jar ("java archive") කියන්නේ ජාවා packages, Library, classes ගොඩක් එකතු වෙලා හැදෙන ෆයිල් එකයි. ජාවා install කර ඇති පරිගනකයක මෙම .jar file එක Double Click කිරීමෙන් program එක Open කරගත හැක.

සැ යු :- GUI interface( JOptionPane , panel වැනි ....) Open වන අතර CMD එක තුල print වන console logs(System.out.print) වැනි Out put .jar file එක double click කිරීමෙන් Open නොවේ.

  • CMD එක හරහා Code එකක් Compile කරනකොට C:\Program Files\Java\jdk1.6.0\bin වල javac.exe කියන ෆයිල් එක හරහා තමයි Compile(.class file) වෙන්නේ. වගේම .jar file එක හදනකොට C:\Program Files\Java\jdk1.6.0\bin වල jar.exe කියන ෆයිල් එක පාව්ච්චි වෙනවා.


Lets Try…

01) පලමුව සරල GUI application එකක් හදාගන්න.

import javax.swing.*;

class Test{

public static void main(String []args){

String name = JOptionPane.showInputDialog("Enter Your Name");

JOptionPane.showMessageDialog(null,"Your Name is "+name);

}

}

02) මෙම notepad file එක අලුත් Folder එකක Test.java ලෙ Save කරන්න.

03) මීලගට අලුත් NotePad File එකක් Open කර ‍පහත කෝඩ් එක පේස්ට් කර ගන්න.(Main-Class එකට දෙන්නේ අපේ Main method එක තියන class name එකයි.)

Manifest-Version: 1.0

Main-Class: Test

Class-path: .

04) දැන් මේ Notepad file manifest.txt ලෙස ජාවා ෆයිල් එක ඇති Folder එකේම Save කරන්න.

05) CMD එක Open කර directory එක මාරු කර Test.java file එක මීලගට Compile කරන්න

C:\Documents and Settings\user\Desktop\Test>javac Test.java

06) Test.java file එක compile වු පසු Command Prompt එකේ පහත code එක ටයිප් කරන්න.

C:\Documents and Settings\user\Desktop\Test>jar cvfm myjar.jar manifest.txt *.class


07) දැන් myjar.jar ලෙස අලුත් ෆයිල් එකක් තිබේ . එය ඩබල් ක්ලික් කරන්න.


Posted by Shan