Commnd Prompt එකෙන් Jar file එක හදමු !!!
- ජාවා Programe එකක .Exe එක හැදීමට පෙර අපි .Jar File එක හදනවා. .jar ("java archive") කියන්නේ ජාවා packages, Library, classes ගොඩක් එකතු වෙලා හැදෙන ෆයිල් එකයි. ජාවා install කර ඇති පරිගනකයක මෙම .jar file එක Double Click කිරීමෙන් program එක Open කරගත හැක.
සැ යු :- GUI interface( JOptionPane , panel වැනි ....) Open වන අතර CMD එක තුල print වන console logs(System.out.print) වැනි Out put .jar file එක double click කිරීමෙන් Open නොවේ.
- CMD එක හරහා Code එකක් Compile කරනකොට C:\Program Files\Java\jdk1.6.0\bin වල javac.exe කියන ෆයිල් එක හරහා තමයි Compile(.class file) වෙන්නේ. ඒ වගේම .jar file එක හදනකොට C:\Program Files\Java\jdk1.6.0\bin වල jar.exe කියන ෆයිල් එක පාව්ච්චි වෙනවා.
Lets Try…
01) පලමුව සරල GUI application එකක් හදාගන්න.
import javax.swing.*;
class Test{
public static void main(String []args){
String name = JOptionPane.showInputDialog("Enter Your Name");
JOptionPane.showMessageDialog(null,"Your Name is "+name);
}
}
02) මෙම notepad file එක අලුත් Folder එකක Test.java ලෙස Save කරන්න.
03) මීලගට අලුත් NotePad File එකක් Open කර පහත කෝඩ් එක පේස්ට් කර ගන්න.(Main-Class එකට දෙන්නේ අපේ Main method එක තියන class name එකයි.)
Manifest-Version: 1.0
Main-Class: Test
Class-path: .
04) දැන් මේ Notepad file එක manifest.txt ලෙස ජාවා ෆයිල් එක ඇති Folder එකේම Save කරන්න.
05) CMD එක Open කර directory එක මාරු කර Test.java file එක මීලගට Compile කරන්න
C:\Documents and Settings\user\Desktop\Test>javac Test.java
06) Test.java file එක compile වු පසු Command Prompt එකේ පහත code එක ටයිප් කරන්න.
C:\Documents and Settings\user\Desktop\Test>jar cvfm myjar.jar manifest.txt *.class
07) දැන් myjar.jar ලෙස අලුත් ෆයිල් එකක් තිබේ . එය ඩබල් ක්ලික් කරන්න.
Posted by Shan
thank u
ReplyDeleteEla post ekak machans...
ReplyDeleteniyama lesn 1k!!!
ReplyDeletewada karan na......... error message ekak enawa..........
ReplyDeleteකිව්වට ස්තුතියි.මෙහෙම දුන්නම හරි........
DeleteManifest-Version: 1.0
Main-Class: Test
Class-path: .
honda post ekak java beginnerslata.
ReplyDeleteniyamai Thankz bro.
ReplyDelete