දිරවන්නේම නැති Internet Explorer ....!
කොහොමද Internet Explorer 9
Firefox, Chrome , Opera වගේ වෙනත් Browsers වලට හුරු උන අයට Internet Explorer දිරවන්නෙම නැති බව කියන්නත් දෙයක් නෙමෙයිනේ... ඉතින් ඒ වගේ අය IE ගැන හොයන්නවත් කාලය නාස්ති කරන්නේ නැහැ....
හැබැයි මේ වන විට ඇවිත් ඇති Internet Explorer 9 හා Internet Explorer 10 (For Windows 8) නම් එයාලට ගැලපෙන්න පුළුවන්... Internet Explorer 9 Release කලේ නම් 2011 මාර්තු.. ඒත් තාම කවුරුත් වැඩිය Install කරන් නැහැ. ඒකට හේතුව ගොඩක් අය Internet Explorer වලට අකමැති වීමයි. එහෙත් පරණ Internet Explorer වලට වඩා වෙනස් අත්දැකීමක් Internet Explorer 9 තුලින් දැකගත හැකියි.
Download කරන් Install කරන් බලන්න... මෙන්න Link එක
දැන් බලමු මොනාද Internet Explorer 9 එකේ තියෙන හොද කියලා......
Navigation Bar & Browser Control
ඉස්සර වගේ වැඩිය Toolbars නැහැ Titlebar එකට යටින් තියෙන්නේ Navigation Bar එක විතරයි.... දකුණු උඩ කොනේ Browser Control තියෙනවා. කලින්ට වඩා ගොඩක් ලේසියි. (Firefox මෙන්)
Pin Webpage To The Taskbar
තමන් වැඩියෙන්ම අවශ්‍ය වන වෙබ් අඩවි Taskbar එකෙහි Pin කිරිමට අවස්ථාව IE9 එකෙන් උදා කර දී තිබෙනවා... Facebook , Gmail , Hotmail වගේ තමාට නිතරම වැදගත් වන වෙබ් අඩවියක් පින් කර තැබීමෙන්.The Taskbar එකෙහි Pin එක මත එක Click එකකින් වෙබ් අඩවියට පිවිසිය හැකිය.
Search In Addressbar
තමන්ට Search කරන්න අවශ්‍ය දේ Addressbar එකෙහි සටහන් කර සෙවීමේ හැකියාව පවති. මෙම විශේෂාංගය Google Chrome වල ඇති ආකාරයට පවති. ඒ පමණක් නොව Suggestion List එකෙහි අදාල සෙවීමට අදාල Pictures ද පෙන්නුම් කරයි.
Download Manager
මෙච්චර කල් Download Manager එකක් Internet Explorer තුලට ඇතුල් කර තිබුනේ නැත. මේ වන විට එයද ඇතුලත් කර තිබේ. එය බොහො දුරට නව Firefox Download Manager එකට සමාන කම් දක්වයි.
Recent Visited & Most Populer Sites
Google chrome Home page එකේ ඇති ආකාරයට තමා වැඩියෙන්ම භාවිතා කරන වෙබ් අඩවි New Tab එකක් විවෘත කල විට පෙන්නුම් කරයි. එම නිසා වැඩි කරදරයකින් තොරම එම වෙබ් අඩවි වලට ක්ෂණිකව පිවිසීමේ හැකියාව පවතී.
Security & Alerts
මේවන විට තමන්ගේ තොරතුරු වලට හොද ආරක්ෂාවක් සැපයීමට IE9 සමත් වී තිබෙනවා. ඒවගේමයි පරන IE වල Permission Alerts හසුරුවන එක හරිම කරදරයක්. ඒහෙත් දැන් එයද සාර්ථකව සකසා තිබෙනවා. Permission ලබාදෙන්නද නොදෙන්නද ලෙස Browser හි යටින් Alert Message එකක් Display වනු ඇත.
මේ ගැන වැඩියෙන්ම කිව්වේ තාමත් පරණ Internet Explorer වලින් Web Browse කරන අයටයි. Firefox Google Chrome භාවිතා කරන අයත් පරණ Internet Explorer එක Update කරලා බලන්න Secondary Browser එකක් විදිහට ගැලපෙනවා .
හොදයි නම් Comment එකකුත් දාලා. Page එකට Like එකකුත් දාලා යන්න.
POSTED BY SAMITH DILSHAN
It is very difficult to give up Firefox,however IE9 also seems to be in a good condition now.
ReplyDeleteWe are not faraway behind of IE 10 comes with Windows 8 beta now...
ReplyDeleteoka godak paranai. mama danna hama kenama IE 9 dala thiyenawa. eth thama FF GC tharam hondai kiyala naha kawruth. IE 9 eka offline install karanna baha. Windows update one.
ReplyDelete