Tuesday, March 6, 2012

Credit Card නැති අයට Sampth Web Card එක !

ගොඩක් අය තාම මේ ගැන දන්නේ නැහැ ඒ අයටයි මේ Post එක...

Credit Card එකක්  ගන්න Job එකක් කරන්න හෝ Businessman කෙනෙක් නම් සම්පුර්ණ කරපු Cheque පොත් 3 ක් බැංකුවට ඉදිරිපත් කරන්න ඕනේ.... (මේ විස්තරය ගැන හරියම දන්නේ නැහැ)

එහෙම නැත්නම් ඉතින් වෙන දන්න කෙනෙක්ගේ Credit Card එකක් තමයි Use කරන්න වෙන්නේ...

Credit Card එකක් ගන්න බැරි අයට තමයි Web Card එක තියෙන්නේ..

Credit Card එකක් Web Card එකකින් ගෙවීම් කරද්දි මේ කරුණු පිලිබදව සැලකිලිමත් විය යුතුයි...

  •  ගනුදෙනුවක් කරන්න කලින් අදාල වෙබ් අඩවිය Secure ද බැලිය යුතුයි.
  •  Netcafe වගේ තැන් වල Credit Card භාවිතා නොකල යුතුයි.
  •  පරිගනකය භවිතා කරන විට වෛරස් වැනි threats වලින් තොර දැයි බැලිය යුතුයි.
  •  WebCard එක භාවිතා කරන විට අදාල ගනුදෙනුවට අදාල මුදල පමණක් Deposit කරන්නෙ නම් වඩාත් හොදයි.

ඒ දෙවල් පිලිබදව සැලකිලිමත් වෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි.

Web Card එක Visa Credit card එකක් හැටියට භාවිතා කරන්න පුළුවන්... වෙනස තියෙන්නේ මේක Debit Card එකක් වගේ.. මුදල් නැන්පත් කරලා තියෙන මුදල් ප්‍රමාණය වෙනකන් විතරයි අපිට ගෙවීම් කරන්න පුළුවන්.

මේක අපිට අන්තර්ජාල ගනුදෙනු සදහා පමණයි භාවිතා කරන්න පුළුවන්... වෙන ගෙවිම් කරන්න බැහැ Credit Card එක වගේ... ඒ වගේමයි තියෙන සල්ලි වියදම් කරන්න මිසක් නැවත ලබාගන්නත් බැහැ. ඒ හින්දා අදාල ගෙවීම් ප්‍රමාණය වඩා පොඩි ප්‍රමානයක්  (Tax එකක් Add වෙන නිසා) පමණක් තැනපත් කිරීම නුවනට හුරුයි.

හරි දැන් ඔයාලට Web Card එක කියන්නේ මොකක්ද කියලා අදහසක් ඇතිනේ... දැන් බලමු මේක ගන්නේ කොහොමද කියලා....

Web Card එකක් තාම නිකුත් කරන්නේ Sampath බැංකුවෙන් විතරයි..

http://lk.duinvest.com/mubasherFileServer/File.Company_Logo/Sampath%20Bank%20PLC_company_logo.gif

පියවර 1 : Sampath Bank එකට ගිහින් Web Card එකට අදාල ආකෘති පත්‍රය (Form)  ඉල්ලා එහි පුද්ගල විස්තර පුරවන්න....

තමාගේ විස්තරයි ... තමාගේ ගෙදර විස්තරය.. තමා සමග ජිවත් නොවන කෙනෙකුගේ විස්තරයි ... ඇතුලත් කරන්න වෙනවා... ඒ නිසා ඒ විස්තර පුරවන්න ලෑස්ති වෙලා යන්න...  

සැ යු. -  තමාවත් ගෙදරත් අදාල අනෙක් පුදගලායාත් දුරකථන ඇමතුමකින් සම්බන්ධ කර ගෙන විස්තර විමසන බැවින්... ආදාල විස්තර සදහා වගකීමක් සහිත විස්තර ලබා දෙන්න. (වැඩකරන දුරකථන අංක දාන්න)

තවද අපට Web Card එක ලැබිය යුතු ආකරය පිලිබද විස්තර පිරවිය යුතුයි (Register තැපැලෙන්, අදාල බැංකුවෙන්, .....)


පියවර 2 : මේම Web Card ගිණුම විවෘත කිරිම මූලික වශයෙන් 2500/= ,5000/= හෝ 7500/= ක් තැන්පත් කල යුතුයි.

එම නිසා අවම වශයෙන් 2500/= මුදලක් රැගෙන යායුතු වේ. එය පිලිබදවද ෆොරමයට ඇතුලත් කර යුතුයි. එම ඇතුලත් කරන මුදලින් 200/= Card එක සදහා අය කර ගන්නා අතර. ඉතිරි මුදල අපට වියදම් කල හැක.

මුදල් ඇතුලත් කිරිම සදහා වෙනම තැන්පතු ගිණුමක් විවෘත වේ. අප මුදල් තැන්පත් කල යුත්තේ එම ගිණුම් අංකයටයි. එම ගිණුම් අංකය Cash Deposit Slip එකේ සටහන් කර ඇත. එම අංකය මතක තියා ගැනීම නුවණට හුරුයි. (එම ගිණුම අංකය කාඩ් පතේවත් සදහන් කර නෙතිබෙන බැවින්).

නැවත මුදල් ඇතුලත් කිරිමකදි අදාල ගිණුම් අංකයට Deposit  කරන්න.


පියවර 3 : සති දෙකක් ඇතුලත Sampath බැංකුවෙන් ලිපියක් හො Register තැපැලයෙන් කාඩ් පත ගෙදරට එවනු ලැබේ.

කාඩ් පත ලැබුණු පමණින් ගනුදෙනු කල නොහැක. ඒ සදහා PIN අංකය අවශ්‍ය වේ. එයද දින කිහිපයක් ඇතුලත ගෙදරට එවනු ලැබේ.

බැංකුවට ගොස් කාඩ් පත ලබාගන්නේ නම් එම PIN අංකය ඇති ලිපිය බැංකුවෙන් ලබාගත හැක (ඒ වන විට තැපැල කර නොමැතිනම්)


පියවර 4 : දැන් අපට කාඩ් පතින් ගෙවීම කල හැක.

කාඩ් පතේහි අපේ නම හා Card Number එක හා expire date එකක් සටහන් කර ඇත.
අප යම් වෙබ් අඩවියක මුදල් ගෙවිමක් කරන විට Select කල යුත්තේ Visa Credit Card එකයි. එහිදි අප කාඩ් අංකයත්. expire date එකත් PIN අංකයත් ලබා දිමේන්. සාර්ථක ලෙස ගෙවීම් කල හැක.


සාමාන්‍ය Credit Card පතක සෑම මසකම ගෙවීම් පිලිබද වාර්තාවක් ලැබුනද මෙහි එසේ නොලැබේ. මෙහි කෙතරම් මුදල් ඉතිරියක් ඇතිදැයි දැනගැනිමට Sampath Card Center එකට ඇමතිය යුතුයි.

වැඩි විස්තර දැනගැනීමටද Sampath Card Center අමතන්න. 0112300604

මෙම Web Card එක Paypal ගිණුමකට සම්බන්ද කරන හැටිත් paypal එක හරහා ගෙවීම් කරන හැටිත් තව Post එකක දාන්නම්...

බලලා වැදගත් උනා කියලා හිතනවා නම් යටින් Comment එකක් දාලා යන්න හොදේ.....


POSTED BY SAMITH DILSHAN

8 comments: